DNS කියන්නේ Domain Name System කියන එකයි. මෙන්න මේ කියන DNS වලින් කරන්නේ, විවිධාකාරයේ වෙබ් අඩවි සහ Domain Names එනම් වසම් නාම කළමනාකරණය කිරීමයි. ඒ කිව්වේ මොකක්ද කියල ඉතාමත් සරල ව කියනවා නම්, ඔයාල ඔයාලගේ browser ( Chrome, Firefox වැනි ) එකේ address bar එකේ මොකක් හරි address එකක් type කලොත්, ඒකට අදාළ IP address එක හොයලා දෙන්නේ මෙන්න මේ DNS වලින් තමයි.

තව මේ DNS ගොඩක් වැදගත් වෙනවා සැම Domain Name එකක් සදහා. මොකද මේ DNS වලින් කරන්නේ ඉස්සල්ලා මන් කිව්වා වගේ Domain Name එකක් IP එකක් විදියටත් IP එකක් Domain Name එකක් විදියටත් ගබඩා කරගෙන තියා ගන්න එක.

මේ අකාර දෙක වෙන වෙනම කොටස් දෙකකට වෙන් කරලා තියනවා.

  1. Forward lookup zone
  2. Reverse lookup zone

මොකක්ද මේ Forward lookup zone කියන්නේ සරලව මෙකෙන් වෙන්නේ Host Name එකක් Ip Address එකක් විදියට Store කරගන්නවා. Reverse lookup zone එකෙදි වෙන්නේ මේ සිද්දියෙම අනිත් පැත්ත. ඒ කියන්නේ IP Address එකක් Host Name එකක් විදියට Convert කරන එක.

මෙක සරල විදියට පහැදිලි කරොත් ඔයාලා හැමොම වගේ facebook යනවා නේ. අපි සමාන්යෙන් facebook එකට යන්න භාවිතා කරන්නේ www.facebook.com කියන Domain Name (Host Name) එක නේ. එක මේ මුලු ලොකයම දන්න දෙයක්. නමුත් මේ facebook.com කියන Domain එකේ Back-end එකේ Run වෙන්නේත් මේ DNS ම තමයි.

ඔයාලා Browser එකේ මෙන්න මේ IP එක Type කරලා බලන්න. 157.240.25.35 (මේ තියෙන්නේ facebook එකේ එක DNS IP එකක් මේ එකට අමතරව තව IP තියනවා Facebook Domain එකට)

එතකොට මොකක්ද උනේ, IP එක Type කරත් යන්නේ facebook.com කියන Domain එකටමයි.

දැන් ඔයාලට තෙරෙනවා ඇති මොකක්ද මේ DNS කියන්නේ කියලා. හරිම සරලයි. මෙතනදි උනේත් facebook.com කියන එකට කවුරු හරි ගියොත් ඉස්සල්ලා කිව්ව IP එකට යන්න කියලා කියනවා වගේ වැඩක්. ඉස්සල්ලා කිව්වා මතක ඇති මෙකට කියන්නේ Forward lookup zone කියලා. ඒ වගේම අපි IP එක Type කරාල ආවෙත් Facebook.com කියන Domain එක, ඉස්සල්ලා කිව්වා වගේ මෙකට කියන්නේ Reverse lookup zone එකක් කියලා.

මේ DNS ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්නේ සාමාන්‍ය පුද්ගලයන්ට Numbers මතක තියා ගන්නවට වඩා හොදින් Name එකක් මතක හිටිනවා.

දැන් ඔයාලට පොඩි දැනුමක් ඇති මොනාද මේ DNS කියන්නේ කියලා. අපි මේ වගේ තවත් ඔයාලට වැදගත් දෙයකින් ආයිත් හම්බෙමු. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.

ඔයාලට මේ Post එක වැදගත් උනා කියලා හිතනවා නම් අනිත් අයටත් මේ ගැන දැනගන්න Post එක Share කරන්න අමතක කරන්න එපා.

දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි TechTimes.LK ™.