Raspberry Pi 3 Model A+ නව සන්ස්කරනය නිකුත් වෙයි.

නොවැම්බර් මස 15 වන දින Raspberry Pi සමාගම විසින් ඔවුන්ගේ නවතම Single Board Computer එකක් වන Raspberry Pi 3 Model A+ නිකුත් කිරිමට කටයුතු කරා. මේම Model A+ කියන Device එක IOT Developers ලට ගොඩක් වැදගත් වෙන Device එකක් වෙයි. මොකද මෙම එක 25$ වගේ අඩු මුදලකට ලබාගන්න පුලුවන් වෙන නිසා. ඒ වගේම මේ Device එකෙන් අපිට ගොඩක් හොද Performance ගන්න පුලුවන්.

Raspberry Pi සමාගම විසින් මෙම Model A+ කියන Device එකට පහත තිබෙන Hardware Configuration ඇතුලත් කිරිමට කටයුතු කරලා තියනවා.

  • A 1.4GHz 64-bit quad-core ARM Cortex-A53 CPU
  • 512MB LPDDR2 SDRAM
  • Dual-band 802.11ac wireless LAN and Bluetooth 4.2/BLE
  • Improved USB mass-storage booting
  • Improved thermal management

ඔයාලා දන්නවා ඇති මේ Device එකට කලින් ආපු Raspberry Pi 3 Model B+ Device එකේ Ethernet Port එකක් තිබුනා හැබැයි මේ අලුත් සන්ස්කරනයේ ඒ Feature එක බලාගන්න පුලුවන් වෙන්නේ නෑ. තව කලින් Device එකේ 1GB RAM ධාරිතාවක් තිබුනා නමුත් මේ අලුතින් අපු Device එකේ තියෙන්නේ 512MB RAM ධාරිතාවක්.

කොහොම උනත් මේ අලුතින් අපු Model A+ Device එක Model B+ එකට වඩා හොදයි කියලා අපිට කියන්න බෑ. හැබැයි මේ අලුත් එකේ එකත් එක්ක බලද්දි මේ Device එක ගොඩක් හොදයි. Model B+ එකෙන් කරන්න පුලුවන් වැඩ ඔක්කොම වගේ මේ අලුත් Devive එකේනුත් අපිට පහසුවෙන්ම කරගන්න පුලුවන්.

ඔයාලා දන්නවා ඇති මේ Raspberry Pi කියන Singal Board Computer එක හැමොම අතර ගොඩක් ජනප්‍රියයි. ඒ නිසාම මේයාලා මේ අලුත් Model A+ Device එකත් එක්ක ඒ Device එකට Case එකකුත් එවන්න තිරනය කරලා තියනවා.

මේ Device එකේ Processing Power එක Size එක එවගේම Price එක ගැන බලද්දි මේ Device එක ගොඩක් හොද Device එකක්. ඒ වගේම මේ Device එක ටිකක් පොඩි නිසා සහා Processing Power එක වැඩි නිසා  රොබොලා නිර්මානයෙදි මේ Device එක ගොඩක් වැදගත් වෙයි කියලා තමයි මගේ අදහස නම්.

ඔයාලට මේ Post එක වැදගත් උනා කියලා හිතනවා නම් අනිත් අයටත් මේ ගැන දැනගන්න Post එක Share කරන්න අමතක කරන්න එපා.

දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි TechTimes.LK ™.

ලගදිම ලොකු වෙනසක් බලාපොරොත්තු වන්න 😎