IOS 12.1 Update කිරිමෙන් පසුව Apple X දුරකතනය පුපුරා යයි.

නොවැම්බර් 03 මස නිකුත් කල මෙම දුරකතනය මේ වෙනකොට Apple පරිශිලකයන්ගේ හදවත බෙහෙවින් දිනා ගෙන තිබුනා.නමුත් මෙම දුරකතනය Use කරන පරිශිලකයන්ට විවිදාකාරයේ ගැටලු වලට මුහුන දිමටද සිදු වුනා.එම Bugs Apple සමාගම විසින් නිකුත් කරන iOS Updates වලින් එම ගැටලු සමාගමට නිරාකරනය කිරිමට හැකි වුනා.

නමුත් නොවැම්බර් 14 දින සිදු වුන සිද්දියක් නිසා Apple සමාගමට විශාල බලපැමක් සිදු වුනා.
ඒ Apple X දුරකතනය පිපිරියාමක් පිලිබදව වාර්තා විම නිසා.

Rahel Mohamad නම් පුද්ගලයා සතුවූ තිබු iPhone X දුරකතනය iOS 12.1 වලට Update කල පසුව දුරකතනයෙන් දුමක් නිකුත් වී පුපුරා ගොස් තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ Original Dock හා Lightning Cable එක භාවිතා කරමින් Charge කිරීමේදී මෙය සිදුවීමයි. වැඩිදුර පරීක්ෂණ සඳහා පුපුරා ගිය දුරකතනය Apple ආනයනය වෙත යවන බව දන්වා තිබුනා.

තවද Apple සමාගම පවසා තිබුනේ මෙය ඔවුන් කිසිදා බලාපොරොත්තු නොවු සිදුවිමක් බවය. Apple සමාගම පහත ආකාරයෙන් ඔවුන්ගේ Apple Support Twitter ගිනුමේ පහත ආකාරයෙන් දක්වා තිබුනා. ඔවුන් හා සෘජුව සම්බන්ධ වී මේ පිළිබඳ වැඩි විස්තර සඳහන් කරන ලෙසත්ය.

කෙසේ උනත් මේ සිදුවිම Apple සමාගමට එතරම් හොද සිදුවිමක් නොවන බව වැඩිදෙනාගේ මතය වන්නේ. Apple සමාගම විසින් මෙම දුරකතනය පරික්ශා කරන තුරු මෙය කෙසේ සිදු උනාද යන්න කිව නොහැක. Apple පරිශිලකයන්ගේ මතය කෙසේ වෙයිද?

ඔයාලට මේ Post එක වැදගත් උනා කියලා හිතනවා නම් අනිත් අයටත් මේ ගැන දැනගන්න Post එක Share කරන්න අමතක කරන්න එපා.

දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි TechTimes.LK ™.

ලගදිම ලොකු වෙනසක් බලාපොරොත්තු වන්න 😎