අලුතෙන්ම ආපු Ransomware එකෙන් බේරෙමු

මේ දවස්වල GandCrab කියල ransomware එකක් දරුණුවටම පැතිරෙනවනේ.

ලෝකයේ ප්‍රබලතම ප්‍රතිවෛරස් නිෂ්පාදන සමාගම්වලට පවා හිසරදයක් වෙලා තියන මේ ransomware වර්ගය 100% ක් සාර්ථකව නවත්තන්න පුලුවන් ක්‍රමයක් සොයාගන්න තාම කාටවත් බැරිවෙලා තියනවා. BitDefender වගේ සමාගම්වලින් decryptors කිහිපයක් නිර්මාණය කරලා තිබුනත් ඒවා හැම කෙනෙක්ටම සාර්ථක වෙලා නැහැ.
කලින් ආපු Ransomware එක්ක සංසන්ධනය කරලා බලනකොට මේ අලුත් GandCrab ransomware එකේ වෙනස්කම් කිහිපයක්ම දකින්න තියනවා.

මේක රුසියන් keyboard layout එක තියන පරිගණකවල execute නොවෙන විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.

Program Files, Program Data, Tor Browser, All Users වගේ ප්‍රධාන ෆොල්ඩර් කිහිපයක් සහ desktop.ini, autorun.inf, boot.bak, bootsect.bak, thumbs.db, CRAB-DECRYPT.txt වගෙ විශේෂිත නම්වලින් තියන ෆයිල්ස් කිසිවක් GandCrab මගින් විනාෂ නොවෙන විදියටයි මේක exclude කරලා තියනවා.

GandCrab කලින් version වලට ප්‍රතිකර්ම සොයාගත්තු Antivirus Labs සහ Security Researchersලගෙ විස්තර අලුත් වෛරස් එක ඇතුලෙ note එකක් විදියට අතුලත් කරලා තියනවා.

එක්තරා ඉන්දියානු හැකින් ෆෝරම් එකක “අසරන ලමයින් සදහා ආධාර” එකතුකරන මුවාවෙන් වංචාවක් සිදුකරපු කෙනෙක්ගෙ පෞද්ගලික දුරකතන අංකයක් මේ රැන්සම්වෙයා එක හරහා ප්‍රසිද්ධත්වයට පත්කරන්නටත් මේක හදපු කෙනා කටයුතු කරලා තියනවා.

ඒ වගෙම අනිත් ransomware වල නොතිබුනු විදියේ business model එකක් මේකට තියනවා. උදාහරනයක් විදියට ගත්තොත්, කවුරුහරි කෙනෙක් මේ ransomware එක පතුරවාහරින්න උදවු කරනවානම්, එයාට ransomware එක හරහා උපයාගන්න මුදලෙන් යම්කිසි ප්‍රමානයක් ලබාදෙන්න මේක හදපු අය කටයුතු කරනවා.

මම ළගදි දවසක දැක්කා Torrent වල ලොකු නමක් තියාගෙන හිටපු verified uploader කෙනෙක්ව පවා torrent වලින් ban කරා මේ GandCrab වෛරස් එක අඩංගු සොෆ්ට්වෙයා බෙදාහැරියා කියලා..

  • මේ දවස්වල email attachments විවෘත කරනකොට ඉතාම පරිස්සම් වෙන්න. නොදන්න emails, spam emails වගේ දේවල් open නොකර ඉන්න තරමටම හොදයි.
  • Windows Update, Defender Update අනිවාර්‍යයි.
  • Kasper, Bitdefender වගේ නිතරම update දෙන Antivirus software භාවිතකරන්න.
  • මේ දවස්වල ඉන්ටනෙට් එකෙන් Softwares / Games / Cracks වගේ දේවල් download කරන එක අඩුකරන්න. ටොරෙන්ට්ස් හරහා ගන්න ඒවා විශේෂයි.
  • මේ දවස්වල ට්‍රෙන්ඩ් වෙන “Battlefield V Crack”, “Photoshop CC 2019 Crack” වගේ දේවල් ගනිද්දි දෙපාරක් හිතන්න.

ඔයාලට මේ Post එක වැදගත් උනා කියලා හිතනවා නම් අනිත් අයටත් මේ ගැන දැනගන්න Post එක Share කරන්න අමතක කරන්න එපා.

දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි TechTimes.LK ™.

ලගදිම ලොකු වෙනසක් බලාපොරොත්තු වන්න 😎