Facebook සමාගම නිල වශයෙන් Messages Unsend පහසුකම iOS Devices සදහා නිකුත් කරයි.

ඔයාලට මතක ඇති මිට දින කිහිපයක කලින් Facebook Messanger වලට Messages Unsend කිරිමේ පහසුකම එකතු කිරිමට බලාපොරොත්තු වන බව ප්‍රචාරයක් ගියා. ඔන්න දැන් නිල වශයෙන් Facebook සමාගම විසින් මේ Unsend Feature එක iOS Devices වලට නිකුත් කරලා තියනවා.

මේ පහසුකම භාවිතා කිරීම සඳහා delete කිරීමට අවශ්‍ය message එක ටික වෙලාවක් press කළවිට ලැබෙන options වලින් ‘Remove for everyone’,’Remove for you’ යනුවෙන් එක option එකක් තෝරාගත හැක.
මෙලෙස මකා දැමීමෙන් අනතුරුව, සාමාන්‍යයෙන් WhatsApp වල පෙනෙන පරිදි “You removed a message” යනුවෙන් Message එකක් සියල්ලන්ටම දිස් වෙනවා.

මෙම පහසුකම iOS සඳහා වන Facebook Messenger app එකේ 191.0 වැනි සංස්කරණයේ ඇතුලත් වේ.

මෙහිදි අපට Unsend එහෙම නැත්තන් Delete කිරිමේ පහසුකම ලබා ගත හැක්කේ පණිවිඩයක් යවා මිනිත්තු 10 ඇතුලතය. මේ වන විට මෙම පහසුකම තවම ලබා දි ඇත්තේ Poland, Bolivia, Colombia සහ Lithuania යන රටවල් වලටය. Facebook සමාගම පවසන්නේ මෙම පහසුකම ඉතාමත් ඉක්මනින් අනිත් සියලුම රටවල් සදහා ලබා දෙන බවයි.

ඔයාලට මේ Post එක වැදගත් උනා කියලා හිතනවා නම් අනිත් අයටත් මේ ගැන දැනගන්න Post එක Share කරන්න අමතක කරන්න එපා.

දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි TechTimes.LK ™.

ලගදිම ලොකු වෙනසක් බලාපොරොත්තු වන්න 😎