Chat Bots ගැන කෙටි විස්තරයක්.

මේ වෙනකොට Chatbots කියන්නේ තාක්ෂණය අතින් ගොඩක් අය අවදානය යොමු කරන කරුනක්. තවද මේ වෙනකොට මේ Chatbots Platform එක විශාල වශයෙන් දියුනු වෙලා තියනවා.

Chatbots කියන්නේ සාකච්ඡාමය පරිශීලක අතුරු මුහුණතක්(Conversational UI) හරහා භාවිත කල හැකි මෘදුකාංග යෙදුමක්. දැනට ලොකයේ තියන හොදම Chatbots Platform Use කරන්නේ Microsoft සමාගමට සහා Facebook සමාගමයි.

අපි බලමු මොනාද මේ සමාගම් 2ක භාවිතා කරන Chartbot Platform කියලා.

Facebook Bot Engine එකෙහි මුලික පදනම වන්නේ Facebook සමාගම මිලදි ගෙන තිබෙන wit.ai. wit.ai කියන්නේ natural language processing engine එකක්. ඔයාලා දන්නවා ඇති Facebook Page එකකට ගියාම අපිට ඒ Page එක ගැන විස්තර ඒ වගෙම අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා. මෙය අපේ අවශ්‍යයතාවයට අනුව පුහුණු කරන්න පුළුවන්. මෙන්න මේ වගේ එකකට තමයි Chatbot Platform එකක් කියන්නේ.

Microsoft සමාගම සතුවත් මෙවැනිම engine එකක් තිබෙනවා. ඒ LUIS(Language Understanding Intelligent Service).

Microsoft LUIS.ai සහ Facebook Bot Engine යන natural language processing engines දෙකම පවතින්නේ වෙනම සේවාවන් විදියටයි(Standalone web services). ඒ නිසා අපිට Facebook Messenger Platform එක භාවිත කරන bot යෙදුමක backend එක විදියට LUIS යොදා ගන්න පුළුවන්.

Facebook සමාගම නිකුත් කල වාර්තාවට අනුව මේ වන විට Facebook Messenger වෙතට Bots 11,000 කට අධික ප්‍රමාණයක් එක් කර තිබෙනවා.

මේ Platform දෙක අතර තිබෙන ප්‍රධාන වෙනස්කම තමයි Microsoft Bot Framework එක භාවිතා කර යෙදුමක් සැකසුවහොත් එය Bot Connector එක හරහා Facebook Messenger, Skype, Slack, Telegram ආදී IM Channels රාශියකට ඉතා පහසුවෙන් එක් කල හැකි වීමයි.

Slack සතුව මිලියන 3 කට අඩු සක්‍රීය පරිශීලකයන් පිරිසක් සිටිනවා. Microsoft Skype හි එම අගය මිලියන 300ක් පමණ වෙනවා. නමුත් Facebook Messenger සතුව මිලියන 900 කට අධික සක්‍රීය පරිශීලකයන් පිරිසක් සිටිනවා. ඒ වගේම Whatsapp සහ Instagram යෙදුම් දෙකත් පවතින්නේ Facebook පාලනය යටතේයි.

ඒ අනුව වැඩිම පරිශීලක පිරිස Facebook සමාගම සතුවයි පවතින්නේ. ඒ නිසා Microsoft Bot Framework එක භාවිතා කරන developers ලා හට මේ Bot Connector එක ඉතාම වැදගත් වනවා.

අපි තවත් Article එකකින් මේ ගැන වැඩි විස්තර කතා කරමු.

දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි TechTimes.LK ™.

ලගදිම ලොකු වෙනසක් බලාපොරොත්තු වන්න 😎

ඔයාලට මේ Post එක වැදගත් උනා කියලා හිතනවා නම් අනිත් අයටත් මේ ගැන දැනගන්න Post එක Share කරන්න අමතක කරන්න එපා.